Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd March 2023 18:00:32 Hours

මුලතිව් පාසල් සිසුන් 200 දෙනෙකුට යුද්ධ හමුදාවෙන් පාසල් උපකරණ

59 පාබල බලසේනාව සහ 593 පාබල බලසේනාවේ භටපිරිස් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා සේවා වනිතා ශාඛාව සමඟ එක්ව චෙම්මලෙයි දෙමළ පාසල සහ කෝකිලායි සිංහල පාසලේ ඉගෙනුම ලබන සිසුන් 200 දෙනෙකු සඳහා ඉකුත් අඟහරුවාදා (පෙබ 28) දින පාසල් උපකරණ බෙදා දෙන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා සේවා වනිතා ශාඛාවේ සම්බන්ධීකරණය මත ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සහ කොළඹ රාජකීය විද්‍යාලය විසින් මේ සඳහා අනුග්‍රහකත්වය ලබාදුන්හ.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් දර්ශන විජේසේකර සහ ශ්‍රී ලංකා කාන්තා බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මහත්මිය සහභාගී වූ අතර, තවද එම අවස්ථාව සඳහා ආදි ශිෂ්‍ය සංගම් දෙක නියෝජනය කරමින් ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා සහභාගී විය. එහිදි සිසුන් 200 දෙනෙකු සඳහා රුපියල් 3,500.00 බැගින් වූ පාසල් උපකරණ පාර්සල් බෙදාදෙන ලදී.

මෙම අවස්ථාව සඳාහ 591 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුජීව පෙරේරා, 593 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චින්තක විජේනායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, විදුහල්පතිවරුන් සහ පාසල් දෙකෙහිම නිබන්ධන කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සහභාගී වූහ.