28th November 2023 09:25:44 Hours
මුලතිව් ප්‍රදේශයේ ‘2 වන පොල් ත්‍රිකෝණය’ නිර්ණය කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 පාබල සේනාංකය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන පොල් පැළ බෙදාදීමේ වැඩසටහනේ දෙවන අදියර වශයෙන් වශයෙන් මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ තෝරාගත් පවුල් 40 ක් වෙනුවෙන් පොල් පැළ 2500 ක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් නොවැම්බර් මස 23 දින එම සේනාංක මූලස්ථානයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.
ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම සහ 64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී ගේ අධීක්‍ෂණය මත මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.
අනාගතයේදී පොල් වගාවෙන් ස්වයංපෝෂිත වීමේ අරමුණින් දෙවන පොල් ත්‍රිකෝණය නිර්මාණය කිරීමට රජය ගෙන ඇති තීරණයට අනුව මෙම ව්‍යාපෘතිය අති සාර්ථකව සිදුකිරීමට ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් කටයුතු කරනු ලබයි. මෙම වැඩසටහන යටතේ බෙදාහරින පොල් පැළ අලම්පිල් රජයේ ගොවිපළෙන් ලබාගනු ලබයි.
මෙම අවස්ථාව සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ රාජ්‍ය නිලධාරින් ද සහභාගී වූහ.