Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th January 2020 23:35:30 Hours

මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය සංවිධානය කළ වාර්ෂික පාපන්දු පුහුණු සැසියට සිවිල් ක්‍රීඩා සමාජයන් ආකර්ෂණය වෙයි

මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් මුලතිව් දිස්ත්‍රිකයේ තරුණ පාපන්දු ක්‍රීඩකයන් අතර ප්‍රතිසන්ධාන උත්සාහයන් සහ පාපන්දු කුසලතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉකුත් ජනවාරි මස 11 -12 යන දෙදින ඉරනපලෙයි ශාන්ත අන්තෝනි ක්‍රීඩාංගනයේදී වාර්ෂික පුහුණු සැසි පවත්වන ලදී.

මෙම වසරේ වාර්ෂික පාපන්දු පුහුණු සැසිය මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ උපදෙස් පරිදි 68 වන සේනාංකය යටතේ ඇති 683 වන බලසේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලදී. 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්.එම්.ජේ.පී රත්නායක විසින් මෙහෙයවන අතර ඒ සඳහා යුද්ධ හමුදා සහ සිවිල් අංශයේ පුහුණුකරුවන්ගේ සහය ලැබුණි.

මුලතිව් දිස්ත්‍රික්කයේ පාපන්දු කණ්ඩායම් 19 ක (සිවිල් ක්‍රීඩා සමාජ) ක්‍රීඩකයින් 172 ක් යුද්ධ හමුදා කණ්ඩායම් 4 ක ක්‍රීඩකයින් 36 දෙනෙකු දින දෙකේම (ජනවාරි 11-12) පුහුණු සැසි සඳහා සහභාගී වූහ.

මෙම පළමු දින (11) සමාරම්භක සැසිවාර උත්සවය සඳහා ඉරනපලෙයි 683 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් නලීන් හෙට්ටිආරච්චි ගේ ආරාධනයෙන් 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්.එම්.ජේ.පී රත්නායක සහභාගි විය.

පුහුණුව ලැබූ සාමාජිකයින්ට යුද්ධ හමුදාව විසින් දිවා ආහාරය, ප්‍රණීත ආහාර සහ කෙටි ආහාර ලබාදුන්හ. Sports News | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4