Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th May 2016 19:01:02 Hours

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයෙහි තවත් පුහුණුවීම් දින වැඩසටහනක්

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ ගේ උපදෙස් මත බදාදා (4) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන පුහුණු දින වැඩසටහන පවත්වනු ලැබීය. එහි දී 1 වන ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායෙහි මේජර් කේ.එන් ඉන්ද්‍ර‍ජිත් විසින් ‘රථවාහන අනතුරු සම්බන්ධ ක්‍රමවේදය’ පිළිබඳව සහ 1 වන ශ්‍රී ලංකා සංඥා බලකායෙහි කපිතන් ඒ.පී කාරියවසම් විසින් ‘1940 පැවති ප්‍රංශ සටන’ පිළිබඳව සිය දේශන පවත්වනු ලැබීය. ඒ සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍ර‍ධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එන්.එම් හෙට්ටිආරච්චි සහ බ්‍රිගේඩියර් පාලන සහ භට කාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ඩී.එස්.ඒ දෙහිවත්ත ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට සහභාගි වූහ. මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ වන සේනාංක, බල සේනා සහ ඉදිරි නඩත්තු පෙදෙස නියෝජනය කරමින් නිලධාරින් 50 දෙනෙක් මෙම දේශනවලට සවන්දීම සඳහා පැමිණ සිටියහ.Best Authentic Sneakers | Nike