Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st July 2016 11:42:06 Hours

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයෙන් තවත් වැඩමුළුවක්

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ මගපෙන්වීම යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස,බලසේනා සහ ඒකකයන්හි රාජකාරී නියුතු යුද හමුදා සාමාජිකයින් හට ගෝලීය උෂ්ණත්වය සහ දේශගුණික විපර්යාසය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් අඟහරුවාදා (28) දින මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍ර‍වනාගාරයේ දී පවත්වනු ලැබීය. එම වැඩමුළුව සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් පාලන භටකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් පී.එස්.ඒ දෙහිවත්ත සහභාගි විය. මෙහිදී මුලතිව් දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ එච්.ඩී ගාමිණි ප්‍රියන්ත විසින් වැදගත් දේශණයක් ඉදිරිපත් කරනු ලැබීය. එම වැඩමුළුව සඳහා යුද හමුදා, නාවික හමුදා සහ විශේෂ කාර්ය බලකායේ දෙසියයකට අධික භට පිරිස් ප්‍ර‍මාණයක් සහභාගි වූහ.latest Nike release | Air Jordan 5 Raging Bull Toro Bravo 2021 DD0587-600 Release Date - SBD