Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

මුයිතායි අවසන් තරඟයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිංහ රෙජිමේන්තුව හිමි කරගනියි

අන්තර් රෙජිමේන්තු මුයිතායි තරඟාවලියෙහි 2019 අවසන් උළෙල පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ඉකුත් බ්‍රහස්පතින්දා (30) දින පැවති අතර එම තරඟාවලිය සඳහා කාන්තා කණ්ඩායම් තුනක් ඇතුළු රෙජිමේන්තු කණ්ඩායම් 11 ක් තරග වදිනු ලැබිණි.

මෙම වසරේ මුයිතායි තරගාවලියේ පිරිමි ශූරතාවය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ක්‍රීඩකයින් දිනාගනු ලැබූ අතර විජයබාහු පාබල රෙජිමේන්තු ක්‍රීඩකයින් විසින් එහි අනුශූරතාව දිනා ගැනීමට සමත් වූහ.

මෙම තරඟාවලියේ අවසන් තරඟයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවන්හී සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන සහභාගී විය.

අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල හමුදා මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුයිතායි කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගනු ලැබීය.

මෙහිදී, යුද්ධ හමුදා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කිරීමෙන් පසු යුද්ධ හමුදා මුයිතායි කමිටුවේ සභාපතිතුමන් විසින් පිළිගැනීමේ කථාව පවත්වනු ලැබීය.

තරඟාවලියේ කාන්තා ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් දිනාගනු ලැබූ අතර එහි අනුශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා සංඥා බළකා කාන්තා කණ්ඩායම සමත්විය.

මෙම තරඟාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඩී දිසානායක තේරි පත් වූ අතර හොඳම පරාජිතයා ලෙස ලාන්ස් කෝප්‍රල් එස් පාහින්ගමුව තේරි පත්විය.

තවද, කාන්තා කාණ්ඩයේ හොඳම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් එස් හේරත් තේරි පත් වූ අතර හොඳම පරාජිතයා ලෙස එම බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩී විසිදාගම තේරි පත්වූහ.

ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සියළු ජයග්‍රහකයින් හට සුබපැතුම් එක්කරමින් ජයග්‍රහකයින් වෙත කුසලාන පිරිනැමූ අතර තරඟාවලියේ උණුසුම් අවස්ථා කිහිපයකට ද එතුමන්ගේ අවධානය යොමු විය.

මෙම තරඟාවලියේ අවසන් උළෙල සඳහා බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් ද සහභාගී වූහ. Buy Sneakers | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals