Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th August 2023 20:24:00 Hours

මීරිගම, විල්වත්ත දුම්රිය හරස් මාර්ගය අසලදී ඇති වූ අනතුරෙන් පසු මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කිරීමට යුද්ධ හමුදාවේ සහයෝගය

පස්යාල - ගිරිඋල්ල මාර්ගයේ මීරිගම, විල්වත්ත දුම්රිය හරස් මාර්ගය අසලදී 2023 අගෝස්තු මස 09 දින කන්ටේනර් රථයක් ධාවනය වෙමින් පැවති දුම්රියක ගැටුණු අතර එම ස්ථානයේ පැවති මාර්ග තදබදය පාලනය කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට සහ පොලිස් නිලධාරින්ට අවශ්‍ය සහයෝගය 1 බලකාය යටතේ ස්ථාපිත 58 පාබල සේනාංකයට අයත් 583 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් වෙතින් ලබාදෙනු ලැබීය.

යුද්ධ හමුදා සාමාජිකයින් 25 දෙනෙකුට අධික පිරිසක් අනතුර සිදු වූ ස්ථානය වෙත ගොස් එම ස්ථානයේ පැවති සුන්බුන් ඉවත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදුන් අතර එම මාර්ගයේ පැවති තදබදය ඉවත්කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ද ලබාදුන්හ.