02nd December 2024 14:38:41 Hours
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය මගින් 2024 ඔක්තෝබර් මස 9 සහ නොවැම්බර් මස 20 යන දිනයන්හිදී යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මානසික සුවතාවය සහ සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් විශේෂිත පුහුණු වැඩසටහනක් පවත්වන ලදී. මෙම වැඩසටහන එම පුහුණු මධ්‍යස්ථාන ක්‍රීඩා පිටියේදී පැවැත්වූ අතර, එය භාහිර කණ්ඩායම් ක්‍රියාකාරකම්වලට අදාල සිවිල් ආයතන සඳහා නිර්දේශිත යුද්ධ හමුදාවේ නිලධාරී හා සෙසුනිලයන් සඳහා වූ වැඩසටහනක් ලෙස පවත්වන ලදී.
මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන ලද අතර, මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහනේ ප්‍රථිපලදායිතාවය අධීක්‍ෂණය කර ඇගයීමට ලක් කරන ලදී. මෙමගින් කාර්යය මණ්ඩලය අතර කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ දරාගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ලැබීය. මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.