12th May 2023 18:32:21 Hours
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පැවති තරුණ නිලධාරී පාඨමාලා අංක 68 (2023-11) හි සමාප්ති උත්සවය පසුගිය බදාදා (10) දින එම පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. උත්සව අවස්ථාව සඳහා පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්.කේ ලියනවඩුගේ ආර්එස්පී සහභාගී විය.
මාසයක කාලයක් පුරා පැවති මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු නියෝජනය කරමින් තරුණ නිලධාරීන් 70 දෙනෙකු සහභාගී විය. එහිදී පාබල හමුදාවන්හි මූලික අවි ආයුධ සම්බන්ධ දේශන හා ප්‍රායෝගික සැසිවාරයන් ද පැවැත්විණි.
පාඨමාලාව හදාරනු ලැබූ ශිෂ්‍ය නිලධාරීන් වෙත සහතිකපත් ප්රදානය කිරීමට පෙර බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්.කේ ලියනවඩුගේ ආර්එස්පී විසින් සමාප්ති දේශනය පවත්වන ලද අතර, එම අවස්ථාව සඳහා පාඨමාලාවේ උපදේශකවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් එක්ව සිටියහ.