Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th March 2023 21:22:22 Hours

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ නව සේනාවිධායක ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් වසන්ත ලියනවඩුගේ පසුගිය සඳුදා (13) දින එම පුහුණු මධ්‍යස්ථානයේදී හමුදා සම්ප්‍රදායානූකූලව බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ සිය ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් වසන්ත ලියනවඩුගේ එම පුහුණු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව යුද්ධ හමුදා භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව එතුමන් මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත් සජ්ඣායනා’ මධ්‍යයේ සුබ මොහොතින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගත්තේය.

එම අවස්ථාව සිහිවනු වස් බ්‍රිගේඩියර් වසන්ත ලියනවඩුගේ කඳවුරු පරිශ්‍රයේ ‘නා’ පැළයක් රෝපණය කළ අතර, අනතුරුව පාබල පුහුණු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී සියලු භටපිරිස් ඇමතුවේය. මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක ලෙස රාජකාරි භාරගැනීමට ප්‍රථම බ්‍රිගේඩියර් වසන්ත ලියනවඩුගේ 1 වන බලකායේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී වශයෙන් රාජකාරි හෙබවූ අතර, මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක ලෙස රාජකාරි හෙබවූ බ්‍රිගේඩියර් චන්දන රණවීර නෙළුම් පොකුණ, මහින්ද රාජපක්‍ෂ රඟහලේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස රාජකාරි කටයුතු කරනු ලබයි.