Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th May 2024 16:15:07 Hours

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ දී පවත්වනු ලැබූ සෙසු නිල බලඇණි ආධාරක අවි පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන්

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ දී, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සහ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා පවත්වනු ලැබූ බලඇණි ආධාරක අවි පුහුණු පාඨමාලාව - 99 (2024/I), පසුගිය මැයි 03 වැනි දින එම පුහුණු පාසලේදී සාර්ථකව අවසන් විය.

2024 ජනවාරි 11 දින ආරම්භ කරන ලද මෙම පාඨමාලාව මැයි 03 දින අවසන් කරන ලද අතර, ඒ සඳහා සෙසු නිලයින් 41 දෙනෙකු සහභාගී වුහ. පාඨමාලාවේ අවසන් දින ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගි විය. එතුමන් එහිදී පාඨමාලාව සඳහා සහභාගී වූ පිරිස දිරිගන්වමින් සමාප්ති දේශනය සිදුකරනු ලැබීය.

උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ උපදේශකවරුන් ද එක්ව සිටියහ. පාඨමාලාවේ දක්‍ෂතා දැක්වූවන් පහත පරිදි වෙයි.

පළමු ස්ථානය - විශේෂ බලකායේ කෝප්‍රල් එම්.පී.අයි.කේ ජයරත්න

දෙවන ස්ථානය - ගැමුණු හේවා බලකායේ කෝප්‍රල් එස්.බී.එස් එදිරිවීර

තෙවන ස්ථානය - විශේෂ බලකායේ සැරයන් කේ.ඒ සඳරුවන් ආර්එස්පී