Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th August 2024 19:30:35 Hours

මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසය සාර්ථකව නිමකළ ඉන්දීය භට පිරිස දිවයිනෙන් පිටත්ව යයි

කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සහ දෙරට අතර හමුදාවන් අතර සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම සඳහා ඉන්දු-ලංකා යුද්ධ හමුදා අතර පැවැත්වූ 'මිත්‍ර ශක්ති' ඒකාබද්ධ යුධ අභ්‍යාසය සාර්ථකව නිම කළ ඉන්දිය භට පිරිස් 2024 අගෝස්තු 25 මස දින දිවයිනෙන් පිටත්ව ගියහ.

ශ්‍රී ලංකාවට පැමිණ ඉන්දීය භට කණ්ඩායම 2024 අගෝස්තු මස 12 දින සිට මාදුරුඔයේ දී දින 12 ක ඒකාබද්ධ යුද අභ්‍යාසයක නිරත විය. ප්‍රතිත්‍රස්ත යුධ උපක්‍රම , එහි න්‍යාත්මක දේශන හා ප්‍රායෝගික යුධ අභ්‍යාසයන්හි නිරත වීම දෙරටේ භට පිරිස් සඳහා අවස්ථාව උදාවිය. නවීන යුද උපායන්, තාක්ෂණය හා ඒවා භාවිතය පිළිබඳ අත්දැකීම් දෙරටේ භට පිරිස් අතර හුවමාරු කර ගැනීම සිදු වූ අතර, හමුදාවන් අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගීතාව වර්ධනය කරමින් සංස්කෘතික හා ක්‍රීඩා වැඩසටහන්ද සංවිධානය කරන ලදී.

ඉන්දිය භට කණ්ඩායම මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසය සාර්ථක අවසානය සනිටුහන් කරමින් ඉන්දිය ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවට අධ්‍යක්ෂ ජෙනරාල් පාබල මේජර් ජෙනරල් එස්.බී.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී, 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසයේ 10 අධියරේ අධ්‍යක්‍ෂ, මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී පැමිණ සිටියහ.