Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th August 2024 12:47:54 Hours

මිත්‍රශක්ති ඒකාබද්ධ යුධ අභ්‍යාසයට සහභාගි වීමට ඉන්දීය භඨ පිරිස් දිවයිනට

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අනෝන්‍ය මිත්‍රත්වය හා සම්බන්ධතාවය වර්ධනය කිරිමේ වැදගත් පියවරක් ලෙස වාර්ෂිකව සංවිධානය කරන මිත්‍රශක්ති යුධ අභ්‍යාසය 2024 අගොස්තු මස 12 දින සිට 25 දින දක්වා මාදුරුඔයදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා සහභාගිවීමට නියමිත ඉන්දියානු යුධ හමුදාවේ භට පිරිස් මත්තල ගුවන්තොටුපලින් 2024 අගෝස්තු මස 12 දින දිවයිනට පැමිණියහ. ඒ අනුව දිවයිනට පැමිණි ඉන්දීය යුද්ධ හමුදා භඨපිරිස් අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්ඩබ්ලිව්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී, මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසයේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් යු.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිපී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී, ශ්‍රි ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් සහ යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් පිළිගන්නා ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත සිදුකරන යුධ අභ්‍යාසය ඉන්දිය යුද්ධ හමුදාව නියෝජනය කරමින් කර්නල් රවින්ද්‍ර ආලවට් ගේ නායකත්වය යටතේ නිලධාරින් 15 දෙදෙනෙකු සහ සෙසුනිලයන් 91 දෙනෙකු සහභාගී වෙති. මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසයට ශ්‍රි ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ගජබා රෙජිමේන්තුවේ නිලධාරින් 18 දෙනෙකු හා සෙසුනිළයන් 102 දෙනෙකු සහභාගි වීමට නියමිතව ඇත.

මෙවර 10 වැනි වරට පවත්වනු ලබන මෙම යුධ අභ්‍යාසය 2012 වසරේ ආරම්භ වූ අතර වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කේන්ද්‍ර කරගනිමින් යුද අභ්‍යාසය පැවැත්වුණු අතර, මෙම යුද අභ්‍යාසය දෙරටේ හමුදාවන් අතර මිත්‍රත්වය වර්ධනය කරගැනීමත් සංග්‍රාමික දැනුම සහ අත්දැකීම් බෙදාහදා ගැනීම තුලින් කලාපීය ආරක්‍ෂාව තහවුරු කරගැනීම අරමුණු කරගනිමින් පවත්වයිි.