Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th November 2019 21:32:08 Hours

මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරී අවසන් කර පළමු සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩය දිවයිනට පැමිණෙයි

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සාර්ථකව සිදුකළ යුද්ධ හමුදා සාමාජිකයින් 176 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පළමු සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩය (Combat Convoy Company) අද (14) දින උදෑසන දිවයිනට පැමිණියහ.

මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරී භාරගැනීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 243 දෙනෙකුගෙන් සමන්විත භට කණ්ඩායමක් බදාදා (13) දින දිවයිනෙන් පිටත්ව ගියහ.

එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරී නිමාවෙන් පසුව දිවයිනට පැමිණි සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී උණුසුම් අයුරින් පිළිගැනීම සඳහා බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මෙන්ම ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු එක්වූහ. Nike air jordan Sneakers | New Balance 991 Footwear