28th July 2024 08:07:37 Hours
කුකුලේගඟ සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය මඟින් පවත්වන ලද මානව හිමිකම් හා මානුෂවාදී නීතිය පිළිබඳ මුලික පුහුණු පාඨමාලාව අංක 35 - සෙසුනිල එම පුහුණු ආයතනයේ දී 2024 ජූලි 26 දින සාර්ථකව අවසන් විය.
නීති සේවා, මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්යක්ෂ මණ්ඩලයේ මඟපෙන්වීම යටතේ ත්‍රිවිධ හමුදාවේ සෙසු නිලයන් 31 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2024 ජූලි 08 දින සිට 2024 ජූලි 26 දක්වා පාඨමාලාව පවත්වනු ලැබීය.
පාඨමාලාවේ සමාප්ති දේශනය සඳහා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.ඒ. හෙට්ටිගේ ආර්එස්පී පීඑස්සී සහ නීති සේවා, මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්‍යක්ෂක කර්නල් එන්.එස්. නල්ලපෙරුම යූඑස්පී එන්ඩීසී සහභාගී වූහ.
මෙම උත්සවය සඳහා ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගි වූහ.