28th December 2023 21:26:03 Hours
කුකුළේගඟ පිහිටි ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ පැවති මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීති උසස් පාඨමාලාව අංක 27 පසුගිය නොවැම්බර් මස 22 දින අරම්භ කළ අතර, එම පාඨමාලාව පසුගිය දෙසැම්බර් මස 27 දින අවසන් කරන ලදී.
මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීති අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පවත්වන ලද මෙම පාඨමාලාව සදහා යුද හමුදාව නියෝජනය කරමින් 24 දෙනෙකු, නාවික හමුදාව නියෝජනය කරමින් 3 දෙනෙකු සහ ගුවන් හමුදාව නියෝජනය කරමින් එක් අයෙකු සහභාගි වූහ.
පාඨමාලාවේ විශිෂ්ඨ දක්‍ෂතා දක්වමින් පළමු ස්ථානය සැරයන් ආර්.එම්.පී රත්නායක, දෙවන ස්ථානය කෝප්‍රල් කේ.එම්.ජේ බණ්ඩාර සහ තෙවන ස්ථානය කෝප්‍රල් ඒ.ජී.එස්.එස් විජේකෝන් විසින් ලබාගන්නා ලදී.