Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th June 2025 18:51:55 Hours

මානව හිමිකම් සහ අන්තර් ජාතික මානුෂවාදී නීති පාඨමාලා (සෙසුනිල) - අංක 30 සාර්ථකව අවසන්

මානව හිමිකම් සහ අන්තර් ජාතික මානුෂවාදී නීති පාඨමාලා (සෙසුනිල) - අංක 30, නීති සේවා මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් 2025 මැයි මස 05 දින සිට ජුනි මස 04 දින දක්වා කුකුළේගඟ, ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී පවත්වන ලදී.

මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් සෙසුනිලයන් 29 දෙනෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සෙසුනිලයන් 4 දෙනෙකු සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් සෙසුනිලයන් 4 දෙනෙකු ඇතුළුව ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් සෙසුනිලයන් 37 දෙනෙකු සහභාගි වූහ. මානව හිමිකම් සහ මානුෂීය නීතිය හා එහි ප්‍රායෝගික බව පිළිබඳව ඇති දැනුම වැඩි දියුණු කිරීම මෙම පාඨමාලාව පැවැත්වීමේ මූලික අරමුණ විය.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් වයි.එම්.එස්.සී.බී ජයතිලක RSP USP සහභාගි විය.

කුසලතා අනුපිළිවෙලින් පාඨමාලාවේ පළමු ස්ථානය කමාන්ඩෝ රෙජිමේන්තුවේ කෝප්‍රල් එන්.එස්. ගමගේ විසින් හිමිකර ගන්නා ලදී. පාඨමාලාවේ සමාප්ති දේශනය නීති සේවා මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්‍යක්‍ෂ විසින් සිදුකරන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.