18th November 2023 00:26:47 Hours
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවති නිලධාරීන් වෙනුවෙන් පැවති ප්‍රතිත්‍රස්ත සහ කැලෑබද සටන් පාඨමාලා අංක - 33 සහ සෙසුනිලයන් වෙනුවෙන් පැවති ප්‍රතිත්‍රස්ත සහ කැලෑබද සටන් පාඨමාලා අංක - 35 හි විසිර යාමේ පෙළපාලියන් සහ පාඨමාලා ලාංඡන ප්‍රදානෝත්සවය එම පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් එල්.ජී.ජේ.එන්. ආරියතිලක ආර්ඩබ්ලිව්පි ආර්එස්පී සහභාගී විය.
ප්‍රතිත්‍රස්ත සහ කැලෑබද සටන් පාඨමාලා අංක - 33 සඳහා බංගලාදේශ හමුදා නිලධාරියෙකු ඇතුළු නිලධාරීන් 31 දෙනෙකු සහභාගී වූහ. මෙම පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍ය නිලධාරියා ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ කපිතන් එම්. ගුණවර්ධන සම්මාන දිනාගත්තේය.
ප්‍රතිත්‍රස්ත සහ කැලෑබද සටන් පාඨමාලා අංක - 35 සාර්ථකව නිමකළ සෙසුනිලයන් 59 දෙනෙකු වෙත පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 16) දින සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය. පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස කෝප්‍රල් ඒ.ජී.සී.එන්. අමරසූරිය සම්මාන දිනාගත්තේය.
පාඨමාලා දෙකෙහිම පුහුණු ක්‍රමවේදයන් සඳහා දේශන සහ එළිමහන් පුහුණු අභ්‍යාසයන් ඇතුළත් විය. මෙම අවස්ථාව සඳහා මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.