09th May 2023 21:10:31 Hours
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ පැවති ප්‍රතිත්‍රස්ථ යුද උපක්‍රම හා කැලෑබද සටන් පුහුණු පාඨමාලා අංක - 32 සහ තරුණ නිලධාරි පාඨමාලා අංක - 68 ‘ඒ’ හි ශිෂ්‍ය නිලධාරීන් මැයි මස 6 දින එම පුහුණු පාසල් පරිශ්‍රයේ පැවති ධර්ම දේශනාවකට සහභාගී වූහ. මෙම ධර්ම දේශනාව පූජ්‍ය කඩවත සෝභිතවලාංසකාර ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලැබීය.
වෙසක් පුර පසලොස්වක පොහෝ දිනයට සමගාමීව පැවැත්වූ මෙම ධර්ම දේශනාවේදී බුද්ධ දර්ශනයට අනුකූලව පෞද්ගලික ප්‍රශ්න විසඳීම සහ ජීවන තත්ත්වය දියුණු කිරීම වැනි කරුණු පිළිබඳ සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාව සඳහා මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.