Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

මල්ලවපොර ක්‍රීඩාව පිළිබඳ දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුවක් කිළිනොච්චියේදී

යුද්ධ හමුදා මල්ලවපොර කමිටුව කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය සමඟ ඒකාබද්ධව ජනවාරි මස 28 සහ 29 යන දෙදින තුළ ‘ක්‍රීඩාවක් ලෙස මල්ලවපොර’ යන තේමාව යටතේ කිළිනොච්චි ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ දේශනයක් ‘නෙළුම් පියස’ ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබිණි.

මෙම දේශනය යුද්ධ හමුදා මල්ලවපොර කමිටුවේ ලේකම් මේජර් මිහිඳු ධර්මසේන ඇතුළු තවත් උපදේශකවරුන් 14 දෙනෙකු විසින් මෙහෙයවනු ලැබිණි.

මෙම වැඩමුළුව සඳහා සෙසුනිලයින් 33 දෙනෙකු සහභාගී වූ අතර එහිදී, මල්ලවපොර ක්‍රීඩාවේ ප්‍රායෝගික හා න්‍යායාත්මක ක්‍රියාකාරකම් රැසක නව අත්දැකීම් සමුදායක් ලබා ගැනීමට ඔවුනට හැකිවිය. buy shoes | Nike Shoes