Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd November 2016 13:35:04 Hours

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය මඟින් දැනුවත් කිරීමේ වැඩසටහන්

යුද හමුදාපතිගේ උපදෙස් මත මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ‘සමාජ විරෝධි ක්‍රියා’ පිළිබඳව දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් පවත්වන ලදි.

ඒ අනුව මෙම වැඩසටහන නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක සහ බලසේනා ආවරනය වන පරිදි පැවැත්විය.

241 බලසේනාවේ නිලධාරීන් 07 ක් සහ සෙසු නිලයින් 202 ක්, 221 බලසේනාවේ නිලධාරීන් 12 ක් සහ සෙසු නිලයින් 220 ක් මෙන්ම 23 වන සේනාංකයේ නිලධාරීන් 10 ක් සහ සෙසු නිලයින් 210 ක් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා සහභාගි වූහ.

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂගේ සම්බන්ධිකරණයෙන් ශ්‍රී ලංකා යුද හමුදා මානසික සෞඛ්‍ය ඒකකය, නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලය සහ මත්ද්‍රව්‍ය හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය මේ සඳහා දේශන සහාය ලබාදෙන ලදි.

එම දේශන යුද හමුදා මානසික සෞඛ්‍ය ඒකකයේ ලුතිතන් කර්නල් ජේ.ඒ.යූ.පී.කේ. ජයසූරිය, නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ මේජර් අය්.එම්.ජේ.සි. අබේනායක සහ මත්ද්‍රව්‍ය හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානයේ අජිත් නවගමුව සහ සම්පත් ද සෙරම් විසින් පවත්වනු ලැබීය.

එමෙන්ම සමාජ විරෝධි ක්‍රියා පිළිබඳව දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් බදාදා (16) දින ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු පරිශ්‍රයේ දී පවත්වන ලදි.

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂගේ සම්බන්ධිකරණයෙන් මෙම වැඩසටහන සඳහා ද සම්පත් දායකත්වය ශ්‍රී ලංකා යුද හමුදා මානසික සෞඛ්‍ය ඒකකය, නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලය සහ මත්ද්‍රව්‍ය හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථාන විසින් දක්වන ලදි.

ශ්‍රී ලංකා යුද හමුදා මානසික සෞඛ්‍ය ඒකකයේ ලුතිතන් පි.ඒ.සි.පි.කේ. පේදුරුආරච්චි සහ උපපන්න නිලධාරී එච්.ජී.එන්. දේශප්‍රිය සමගින් නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ කපිතන් එච්.එම්.ජේ.පි. හේරත් විසින් මෙහි දේශන පැවැත්විය.

එසේම, මත්ද්‍රව්‍ය හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානයේ පුබුදු සේරම් මහතා ද මෙහිදි මත්ද්‍රව්‍ය නිවාරනය පිළිබඳව දේශනයක් පැවැත්විය.

ඒ සඳහා නිලධාරින් 14 ක් සහ සෙසු නිලයින් 186 ක් ඇතුලු යුද හමුදා සාමාජිකයින් 200 ක් සහභාගි වූහ.

Authentic Sneakers | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Air Jordan 1