Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th June 2023 18:56:36 Hours

මන්නාරම රෝහලේ රුධිර අවශ්‍යතා සම්පූර්ණ කිරීමට 54 පාබල සේනාංකයේ භටපිරිස්හි දායකත්වය

මන්නාරම රෝහලේ වෛද්‍ය බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව 54 පාබල සේනාංකයේ භටපිරිස් එම රෝහලේ ප්‍රතිකාර ලබන අවශ්‍යතා සහිත රෝගීන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් ලේ දන්දීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (ජුනි මස 9) දින මන්නාරම නගර ශාලාවේදී පැවැත්විය.

මෙම ලේ දන්දීමේ වැඩසටහන 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහ 543 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී.සී. හරස්ගම ආර්එස්පී ගේ ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කෙරිණි.

මෙම වැඩසටහනේදී 54 පාබල සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි භටපිරිස් 110 කට අධික පිරිසක් සිය රුධිරය අවශ්‍යතා සහිත රෝගීන් වෙනුවෙන් පරිත්‍යාග කරනු ලැබීය.