Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th December 2023 22:49:38 Hours

මන්නාරම ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූවන්ට වන්නි භටපිරිස් සහන සලසයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ රාජකාරියෙහි නියුතු භටපිරිස් විසින් ගංවතුර තත්ත්වයෙන් බලපෑමට ලක් වූ පාලිආරු, තේවන්පිඩ්ඩි, මුන්දලම්පිඩ්ඩි සහ තේත්තවාඩිය යන ප්‍රදේශවල අවතැන් වූ සිවිල් වැසියන් 359 කට අධික පිරිසක් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 15) දින ආරක්‍ෂිත ස්ථානයන් වෙත රැගෙන යන ලදී.

54 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 541 පාබල බලසේනා බළප්‍රදේශයේ පිහිටි 5 (ස්වේච්ජා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධික්‍ෂණය යටතේ ඒකකයේ භටපිරිස් මෙම සහන සේවා මෙහෙයුම දියත් කළහ.

උතුරු පළාතට අඛණ්ඩව පවතින වර්ෂාපතනය හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ වවුනි කුලම් ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් පාලිආරුවේ ජල මට්ටම ඉහල ගොස් පිටාර ගැලීම හේතුවෙන් මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම්මාන කිහිපයක් ජලයෙන් යට වී විය.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ් නානායක්කාර ආර්එස්පී වීඑස්පී යූඑස්පී එන්ඩීයූගේ උපදෙස් මත 54 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සහ 541 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 15) දින හදිසි අපදා කණ්ඩායක් සූදනම් කර තිබුණි.