Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th July 2019 08:51:02 Hours

මන්ත්‍රීවරයෙකුගේ ඉල්ලීමකට අනුව කරෙයිනගර් වැසියන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ අරමුණින් යුද්ධ හමුදාව වැව් ද්විත්වයක් ප්‍රතිසංස්කරණය කරයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා කරෙයිනගර් ප්‍රදේශයේ වැව් දෙකක් ප්‍රතිසංස්කරණය කර එම ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීම සඳහා භාරදෙන ලදී. මෙම වැව් ප්‍රතිසංස්කරණය කරදෙන මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ අධීක්‍ෂණය මත මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන ලබාදුන් අතර, ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය යන්ත්‍ර උපකරණ සහ ශ්‍රමදායකත්වය යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සපයා තිබිණි. මෙම වැව් දෙකේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ උත්සවය සඳහා යාපනය ආක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා, කරෙයිනගර් ප්‍රාදේශීය ලේකම්, අතිරේක රාජ්‍ය නියෝජිත (ඉඩම්), 51 වන සේනාංකයේ සේනාංකාධිපති, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යාපනය අතිරේක කෘෂිකර්ම කොමසාරිස්, යුද්ධ හමුදා සාමාජිකයින් සහ ප්‍රදේශවාසින් රැසක් ද සහභාගි වූහ. Sportswear Design | Nike Shoes