Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th March 2016 14:38:33 Hours

මධ්‍යම සෙබලුන් බෝධි පූජා පිංකමක් පවත්වා ආශිර්වාද කරයි

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍ර‍මරත්නගේ අධීක්ෂණයෙන් එම ආරක්ෂක සේනා මුලස්ථාන සෙබලුන් විසින් මැදින් පුන් පොහෝ (22) දින දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් හට පිං පමුණුවමින් රණවිරුවන් සහ සිවිල් සේවක කාර්ය මණ්ඩලය හට ආශිර්වාද පතා බෝධි පුජා පිංකමක් සංවිධානය කරනු ලැබීය. දියතලාව බෝධිකන්ද විහාරයේ පූජ්‍ය ගම්පහ විජිතවංස හිමි විසින් බෝධි පූජාව සහ ධර්ම දේශනාව මෙහෙයවනු ලැබීය. මෙම අවස්ථාව සඳහා මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍ර‍මරත්න සමගින් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරීහි නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් සේවක කාර්යමණ්ඩලය සහභාගි වූහ. affiliate tracking url | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp