Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th March 2020 18:03:33 Hours

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයන් ‘ශ්‍රි පාද’ පුද බිම අවට විසිකර දමා තිබු ප්ලාස්ටික අපද්‍රව්‍ය ටොන් 6ක් පමණ එක්කොට ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කරයි

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ මඟ පෙන්වීම මත ‘මනූසත් දෙරණ' ප්‍රජා ව්‍යාපෘතිය සමඟ එක්ව මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් සෙනසුරාදා (7) දින දැවැන්ත ‘ශ්‍රමදාන’ ව්‍යාපෘතියක් දියත් කරමින් නල්ලතන්නියේ සිට ශ්‍රීපාද පුද බිමට දිවෙන මාර්ගය අවට පරිසරයේ ඉවත දමා තිබු ප්ලාස්ටික් ටොන් 6 කට වැඩි ප්‍රමාණයක් එකතු කරන ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ඉල්ලීමකට අනුව මෙම ව්‍යාපෘතිය පිළිබඳ අදාළ රූපවාහිනී නාලිකා තුළින් ප්‍රචාරණය වූ අතර මෙම සත්කාරය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අනුමැතිය හා ආශීර්වාදය ලැබී තිබිණි.

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයෙන් නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් 300 ක් පමණ මෙම ප්‍රජා මූල ව්‍යාපෘතිය සඳහා සිවිල් වැසියන් සමඟ අත්වැල් බැඳගෙන එම අපද්‍රව්‍ය එකතු කරමින් ‘ශ්‍රී පාද’ කන්ද මුදුනේ සිට පහලට රැගෙනවිත් කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය වෙත භාර දෙන ලදී. මෙම ව්‍යාපෘතිය මාර්තු මස 7-8 යන දෙදින තුළ ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි. Asics footwear | Nike Shoes, Clothing & Accessories