25th July 2018 16:40:38 Hours
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සැඟවුණු නිර්මාණාත්මක කුසලතාවයන් ප්‍රදර්ශනය කරමින් නවෝත්පාදන 19 ක් සහ නිර්මාණත්මක උපකරණ රැසක් අඟහරුවාදා (24) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන දේශන ශාලාවේ දී ප්‍රදර්ශනය කරන ලදී. මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ ආරාධනයකට අනුව සපැමිණි ඌව - වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ මහචාර්ය ඩි.කේ.ඩි.ඩි. ජයසේන සහ ආචාර්ය ඊ.ඩි.එන්.එස්. අබේරත්න යන ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය දෙපළ විසින් මෙම නවෝත්පාදන ඇගයුමට ලක් කරමින් ඒ අතරින් හොඳම නිර්මාණ තේරාගනු ලැබීය.
අනාගත වෙළෙඳපොළ අපේක්ෂාවන් සඳහා මානව ප්‍රජාවෙහි තාක්ෂණික කුසලතාවයන් ප්‍රයෝජනවත් ලෙස යොදා ගනිමින් නව නිර්මාණකරණ හා ඒ ආශ්‍රීත කර්මාන්ත සඳහා භට පිරිස් හුරුකරවීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම තරඟාවලිය සඳහා ඉදිරිපත් කරන ලද සෑම නිර්මාණයක්ම ඇගයීමට ලක්වු අතර, ඒවා අතුරින් ‘ඩිසල් වාහනවල ඉංජේක්ටරය පරික්ෂා කිරිමේ උපකරණය’ (vehicle engine injector nozzle tester) නිර්මාණය කළ 10 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු වෙත ප්‍රථම ස්ථානයත්, ‘සාම්පල් මිඩ් පැඩ්’ (sample musical instrument) නිර්මාණය කළ 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකාය වෙත දෙවන ස්ථානයත් සහ ‘විදුලියෙන් ක්‍රියා කරවන පොටි කපන යන්ත්‍රය’ (putty cutting machine) නිර්මාණය කළ 112 වන බලසේනාව වෙත තෙවන ස්ථානයත් හිමිවිය.
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ප්‍රදේශයේ පාසල් සිසුන් ද මෙම ප්‍රදර්ශනය නැරඹිම සඳහා එක්ව සිටියහ. Sport media | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ