Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th March 2016 14:22:10 Hours

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය 3 වන සංවත්සරය සමරයි

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි තුන් වන සංවත්සරය නිමිත්තෙන් එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති සේනාංක, බලසේනා, යුද හමුදා පුහුණු පාසල් සහ ඒකකයන් එක්ව විවිධ වැඩසටහන් රැසක් සංවිධානය කරනු ලැබීය. ඒ අනුව සෙබලුන් විසින් යුද හමුදාවට සහ භට පිරිස් සඳහා ආශිර්වාද කිරීමේ අදිටනින් ඉරිදා (13) දින දියතලාව බෝධිකන්ද විහාරයේ බෝධි පූජා පිංකමක් සංවිධානය කරනු ලැබූ අතර, එය බෝධිකන්ද විහාරයේ විහාරවාසි පූජ්‍ය මැදමුලන විජයබෝධි හිමි විසින් මෙ‍හෙයවනු ලැබීය. සංවත්සරයට සමඟාමීව මාර්තු මස 14 දින 7 වන ශ්‍රී ලංකා සංඥා බලකා සෙබලුන් විසින් මධ්‍යම ආඥාපති වෙත සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් ද පිරිනැමීය. ඉන් පසු ආඥාපතිතුමා භට පිරිස් ඇමතූ අතර, බලලත් නිලධාරි නිවස්නයේ දී තේපැන් සංග්‍ර‍හයක් පැවැත්විනි. දිනයේ වැඩසටහන අවසානයේ සියලු නිල දිවාභෝජන සංග්‍ර‍හයක් ද පැවති අතර, ඒ සඳහා සේනාංකාධිපතිවරු, බල සේනාධිපතිවරු, නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක් වූහ. 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම වැඩසටහන සඳහා ක්‍රියාකාරීව කටයුතු කලහ.Nike sneakers | Women's Nike Superrep