Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th May 2016 17:36:34 Hours

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති 8 වන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායේ සංචාරයක

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී.ද ඉසෙඩ්. වික්‍ර‍මරත්න පසුගිය බ්‍ර‍ස්පතින්දා (05) දින දියතලාව, 8 වන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායේ සංචාරයක නිරත විය. එහිදී 8 වන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් කේ.ජී.යූ.ටී. ජයසිංහ විසින් ආඥාපතිතුමා පිළිගත් අතර, එම භට පිරිස් විසින් හමුදා සම්ප්‍ර‍දායානුකූලව ආචාර සම්මාන මුරයක් ද පිරිනැමීය. ආඥාපතිතුමාගේ මෙම සංචාරය සිහිවනු වස් එම මූලස්ථානයේ අඹ පැළයක් රෝපණය කළ අතර, අනතුරුව එහි අණදෙන නිලධාරිතුමා විසින් ආඥාපතිතුමා වෙත ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය විසින් සිදු කරනු ලබන ප්‍ර‍වාහන සේවා පිළිබඳව ඉදිරිපත් කිරීමක් ද එහිදි සිදු කෙරිනි. එමෙන්ම, මේජර් ජෙනරාල් ඒ.පී.ද ඉසෙඩ්. වික්‍ර‍මරත්න විසින් සියලු නිලයින් අමතා, පසුව පැවති තේ පැන් සංග්‍ර‍හයට ද සහභාගි වූහ. එම සංචාරය සිහිගන්වමින් 8 වන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායේ අණදෙන නිලධාරී විසින් ආඥාපතිතුමා වෙත සමරු තිළිණයක් ද ප්‍ර‍දානය කරනු ලැබීය.best shoes | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ