Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th August 2019 13:16:16 Hours

මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා උපරිම ආරක්‍ෂාව

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් පොලිස් නිලධාරීන් සමඟ එක්ව මන්නාරම, මඩු ප්‍රදේශයේ පිහිටි මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා සහභාගිවූ බැතිමතුන්ගේ ආරක්‍ෂාව තහවුරු කළ අතර අගෝස්තු මස 15 වන දින පැවැති මංගල්‍යයේ අවසන් දිනයේ සියලුම ජනවර්ගයන්හි බැතිමතුන් 340,000 ක් පමණ සහභාගි වූහ.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලැබූ දැඩි හා සෘජු ආරක්‍ෂක ජාලය තුළින් දිවයිනේ සෑම ස්ථානයක සිට පැමිණෙන බැතිමතුන්ට කිසිදු අපහසුතාවයකින් තොරව ශුද්ධ වූ කතෝලික සිද්ධස්ථානය වැඳපුදාගැනීම සඳහා අවස්ථාව සලසාදෙන ලදී.

මෙම වාර්ෂික මංගල්‍යය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වසර ගණනාවක් පුරා පොලිසිය සමඟ එක්ව ආරක්‍ෂාව සපයනු ලබන අතර 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්.කේ.ජි.එස් කැටකුඹුර ගේ අධීක්‍ෂණය යටතේ 613 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්.කේ.එන්.සි ජයවර්ධන ගේ මඟපෙන්වීම මත මෙම ආරක්‍ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ලැබීය.

දේවස්ථාන පරිශ්‍රයට පැමිණෙන බැතිමතුන්ට ආරක්‍ෂාව සැපයීම සඳහා 6 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 24 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 10 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බළකාය නියෝජනය කරන යුද්ධ හමුදා සාමාජිකයින් දිවා රාත්‍රි නොතකා කටයුතු කරන ලදී.

මඩු මාතා දේවස්ථානය මන්නාරම් දිස්ත්‍රික්කයේ රෝමානු කතෝලික දේවස්ථානයකි. වසර 400 කට අධික ඉතිහාසයක් ඇති මෙම පූජනීය සිද්ධස්ථානය, ශ්‍රී ලාංකීක කතෝලික ප්‍රජාව සහ අනෙකුත් ජන කොටස් නියෝජනය කරන දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ හදවත් තුළ උතුම් සලකුණක් තබා ඇති අතර දෙමළ හා සිංහල කතෝලිකයන් සඳහා ද භක්තිමත් ස්ථානයකි. best Running shoes | Ανδρικά Nike