Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd August 2019 15:28:43 Hours

මඩුකන්ද ප්‍රදේශයේ සිසුන්ට පාසල් උපකරණ බෙදාදෙයි

එක්සත් ජනපදයේ දානපතියෙකු වන ලලනි වසන්ත මොරගොඩ මහත්මියගේ අනුග්‍රාහකත්වය මත පරිත්‍යාග කරනු ලැබූ විද්‍යා උපාංග ඇතුළු පාසල් උපකරණ තොගයක් ඉකුත් අඟහරුවාදා (30) දින වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංක මූලස්ථානයේ මූලිකත්වයෙන් මඩුකන්ද දළදා විහාරයට අනුබද්ධ ශ්‍රී ධම්මරතන විද්‍යායතන පිරිවෙනහි අධ්‍යාපනය හදාරණ සිසුන් වෙත ප්‍රදානය කරනු ලැබීය.

මෙම පරිත්‍යාගය මාලි වීරක්කොඩි මහත්මියගේ සම්බන්ධිකරණයෙන් සිදුකරනු ලැබූ අතර පිරිවෙන් පරිශ්‍රයේ පැවැති මෙම පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා ජයපතිරණ සහභාගි විය.

පිරිවෙනේ අධ්‍යාපනය හදාරණ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් විශාල පිරිසකට විද්‍යාත්මක උපකරණ සහ පාසල් උපකරණ මිළදීගැනීමට හැකියාවක් නොමැති බව පිළිබඳ 21 වන සේනාංක මූලස්ථානය දැනගැනීමෙන් අනතුරුව මෙම පරිත්‍යාගය සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු, ගුරුවරුන්, දෙමාපියන් ඇතුළු එම පිරිවනේ අධ්‍යාපනය හදාරණ සිසුන් රැසක් ද සහභාගි වූහ. bridge media | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp