Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd March 2025 12:18:26 Hours

භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය - මධ්‍යම, දියතලාවේදී එල්ලේ තරඟාවලියක් සංවිධානය කරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මඟපෙන්වීම යටතේ, භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය - මධ්‍යම භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 25 දින දියතලාව, ‘මුතු කුමරු’ ක්‍රීඩාංගණයේදී එල්ලේ තරඟාවලියක් සංවිධානය කරන ලදී. මෙම තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස භඨකාර්ය සම්පාදක අණසක ආඥාපති - මධ්‍යම බ්‍රිගේඩියර් ඒ.ඒ.ආර් අබේසිංහ ndc සහභාගි විය.

පැවති අවසන් තරඟයේදී 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය පරාජය කරමින් 11 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් ජයග්‍රහණය හිමිකර ගන්නා ලදී. මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.