Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th November 2016 14:08:47 Hours

භට පිරිස් හි සහයෝගයෙන් ඇළ මාර්ගය නැවත ප්‍රතිසංස්කරණය කරයි

වව්නිකුලම් සහ තුනුක්කායි ප්‍රදේශයේ අක්කර සිය ගණනකට අධික ප්‍රමාණයකට ජලය සපයනු ලැබූ වව්නිකුලම් ජලාශයේ දකුණු ඉවුරු ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කර බ්‍රහස්පතින්දා (3) දින නැවත විවෘත කරන ලදී.

සිවිල් වැසියන් කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙන් ප්‍රදේශයේ ගොවි ජනතාව 500 දෙනෙකු සහ 65 වන සේනාංකයේ භට පිරිස් 1070 ක් සමඟ එක්ව 2016 ඔක්තෝබර් මස 7 වන දින සිට ඇළ මාර්ගයේ ඇති වල් පදුරු සහ පස් ඉවත් කර ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ඇත.

වසර ගණනාවක සිට අතහැර දමා තිබූ මෙම ඇළ මාර්ගය ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත යුද හමුදාව සහ සිවිල් වැසියන් එක්ව මහ කන්නයේ වගාවන් සඳහා ජලය යොදා ගත හැකි වන පිරිදි සකස් කරන ලදි.

වව්නිකුලම් වාරිමාර්ග ඉංජිනේරු, ප්‍රදේශීය වාරිමාර්ග කාර්යාලයේ කාර්මික නිලධාරීන්, යුද හමුදා නිලධාරීන්, සෙසු නිලයන් හා ප්‍රදේශයේ ජනතාව ද මෙම උත්සවය සඳහා සහභාගි වූහ.

මෙහිදි යුද හමුදා සාමජිකයින් සහ සිවිල් වැසියන් එක්ව හින්දු සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් සිදුකරමින් ප්‍රතිසංස්කරණය කරනු ලැබූ ඇළ මාර්ගය විවෘත කරනු ලැබීය.

latest Running Sneakers | Air Jordan Release Dates 2020