Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
19th September 2016 17:33:52 Hours
භට පිරිස් වෙතින් මහලු කතක් සහ ඇගේ දියණිය සඳහා නව නිවසක්
ඉතා මහලු කාන්තාවක් සහ ඇගේ 55 වියැති අවිවාහක දියණියක් ඉතාමත් අසරණභාවයෙන් යුතුව දිවිගෙවිම සම්බන්ධයෙන් වූ සංවේදි විස්තරයක් දෙනික සිංහල පුවත්පතක පලවීමත් සමග නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 17 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් වැලිකන්ද ප්‍රදේශයේ ඔවුනට නව නිවසක් ඉදි කිරීමට ශ්‍රමදායකත්වය ලබාදුන් අතර, ඒ සඳහන් ඇහැලියගොඩ ප්‍රදේශයේ මැණික් වෙළඳ ව්‍යාපාරිකයෙකු විසින් අනුග්‍රහය දක්වන ලදි. පුවත්පතෙහි පළ වු විස්තරය පිළිබද සොයා බැලු නැගෙනහිර ආරකෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ. විජේරත්න විසින් ඒ සඳහා ඇහැළියගොඩ ප්‍රදේශයෙන් අනුග්‍රහයෙකු සොයා ගත් අතර, 23 වන සේනාංක භට පිරිස් විසින් ශ්‍රම දායකත්ව දැක්විම සිදු කෙරිනි. මාස කිහිපයක් ඇතුළත මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු සිදු කළ අතර, සනත් ප්‍රේමරත්න මහතා විසින් රුපියල් මිලියන 1.3 ක ආධාර මුදලක් ද, භට පිරිස් විසින් සිය ශ්‍රමය දායකත්වය ද ලබාදෙන ලදි. මෙම ව්‍යාපෘතියේ පුරෝගාමීන් වූ මේජර් ජෙනරාල් කේ.එම්.යූ. විජේරත්න සහ 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් බදාදා (14) දින පැවති උත්සවයේ දී නිල වශයෙන් මෙම නව නිවස භාරදීම සිදු කරන ලදි. මෙහිදි ඩි.ආර්. සෝමාවතී මහත්මිය (81), සහ ඇගේ දියණිය විසින් ඔවුන් වෙනුවෙන් සිදු කළ මෙම කටයුත්ත පිළිබද යුද හමුදා භට පිරිස් පිළිබඳ මහත් ඉහළින් කතා කළ අතර, ඊට දායක වූ සහ එම ආධාර ලබාදුන් සියලු දෙනා වෙත සිය ස්තුතිය ද පුද කළේය. නැගෙනහිර ආරකෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ. විජේරත්න, 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, මේ සඳහා ආධාර ලබාදුන් සනත් ප්‍රේමරත්න මහතා මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
latest jordans
|
NIKE HOMME