Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

භට පිරිස්හි ශ්‍රම දායකත්වයෙන් අඩු ආදායම්ලාභී පවුල් දෙකක් සඳහා නව නිවාස

නුගේගොඩ ශ්‍රී ධම්මාරාම විහාරයේ සමාජ සේවා පදනමේ දායකත්වයෙන් කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 62 වන සේනාංකයෙහි භට පිරිස්හි ශ්‍රම දායකත්වයෙන් මෙහෙරතැන්න ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් දෙක්ක සඳහා නව නිවාස ඉදි කර දී ඇත.

එම දිලිදු පවුල් දෙක මුහුණ දී සිටින තත්වය තේරුම්ගත් 62 වන සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.එච්.එම්.ඒ විජේසිංහ එම නව නිවාස දෙකක ඉදි කිරීමේ සම්බන්ධීකරණ කටයුත්ත භාර ගනු ලැබීය.

සෙනසුරාදා (3) වෙහෙරෙතැන්න ප්‍රදේශයේ පැවති චාම් උත්සවයක දී පරිත්‍යාගශීලීන්, සේනාංකාධිපති, නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ සහභාගීත්වයෙන් ප්‍රතිලාභලාභීන් දෙපිරිස වෙත එම නව නිවාසයන් හි යතුරු භාර දීම සිදු කරනු ලැබීය.

ග්‍රාමසේවා නිලධාරීන් සහ අනෙකුත් අධිකාරියන්හි උපදෙස් අනුව පස් දෙනෙකුගෙන් සමන්විත පවුලක් සඳහා රුපියල් මිලියන 1 ක් පමණ වැය කර මෙම නව නිවස ඉදිකර ඇත.

62 වන සේනාංකයෙහි 623 බලසේනාව යටතේ සථාපිත 26 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සහ 11 වන ගැමුණු හේවා රෙජිමේන්තු නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් මෙම ව්‍යාපෘතියෙහි සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලැබීය.

එම අවස්ථාව සඳහා පූජ්‍ය බෝගම්බර රතනජෝති හිමි, පූජ්‍ය බෝගම්බර ආරියරත්න හිමි, පූජ්‍ය බෝගම්බර මෛත්‍රීරත්න හිමි, වැලිමඩ චන්ද්‍රා විමලරත්න හිමි, 62 වන සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.එච්.එම්.ඒ විජේසිංහ, නුගේගොඩ ශ්‍රී ධම්මාරාම විහාරයේ සමාජ සේවා පදනමේ අජිත් මහේන්ද්‍ර මහතා සහ සාමාජිකයින්, වෙහෙරතැන්න ගම්මානයේ ප්‍රජාව, බලසේනා සහ බලඇණියන්හි නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ.

latest Running | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite