Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd September 2019 18:20:20 Hours

භටපිරිස් ඔවුන්ගේ සෞන්දර්යාත්මක කුසලතා පෙන්වයි

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත්  යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහජ සෞන්දර්යාත්මක කුසලතා ඔප්නැංවීමේ අරමුණින් අගෝස්තු මස 17 සිට 19 දින දක්වා අන්තර් බලඇණි නාට්‍ය තරඟයක් සංවිධානය කරන ලදී.

තරඟයේ අවසන් මහා තරගය ඉකුත් සඳුදා (27) දින 64 වන සේනාංක මූලස්ථාන ශ්‍රවණාගාරයේදී මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති‌මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

තරඟාවලියේ අවසන් තරඟය සඳහා 7 වන ගැමුණු හේවා බලඇණි කණ්ඩායම සහ 17 වන (ස්වෙච්ඡා) ගජබා රෙජමේන්තු කණ්ඩායම තේරීපත් වූ අතර අවසානයේ 17 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තු කණ්ඩායම තරඟාවලියේ ශූරතාවය හිමිකරගත්හ. තරඟාවලියේ අනුශූරතාවය 7 වන ගැමුණු හේවා බලඇණි කණ්ඩායමට හිමිවිය.  

මුලතිව් ආරක‍්ෂක සේනා ආඥාපතිතුමන් ජයග්‍රාහකයින්ට මෙන්ම හොඳම නළුවා සහ නිළියට ද මෙහිදී ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී.

අවසන් තරඟ නැරඹීම සඳහා 58 වන සේනාංකයේ සහ 68 වන සේනාංකයේ සේනාංකාධිපතිවරුන් ඇතුළු යුද, නාවික හා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම පොලිස් නිලධාරීන් ද එක්ව සිටියහ. Mysneakers | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ