Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd August 2024 17:32:23 Hours

බෝ නොවන රෝග පිළිබඳ සායනයක් විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විය

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩිසී ගේ මඟපෙන්වීම යටතේ එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී බෝ නොවන රෝග පිළිබඳ සායනයක් 2024 අගෝස්තු මස 16 දින පවත්වන ලදී.

නාලන්දා ග්‍රාමීය රෝහලේ වෛද්‍ය පණ්ඩුල්ලේ විජේසූරිය මහතා සහ එතුමන්ගේ සෞඛ්‍ය සේවා කණ්ඩායම විසින් මෙම සායනය මෙහෙවනු ලැබූ අතර, බෝවන රෝග පිළිබඳ විවිධ අංශ පිළිබඳව භට පිරිස් දැනුවත් කිරීමද අරමුණ විය. වැඩසටහන මගින් සෞඛ්‍ය පරීක්‍ෂණ, පුද්ගලික උපදේශන සහ ජීවන රටා වෙනස් කිරීම් පිළිබඳ ඉදිරිපත් කරන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සෙසුනිලයන්ද සහභාගි වූහ