Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th April 2016 19:46:20 Hours

බෝගස්වැව සිවිල් ජනතාව වෙත ඹෟෂධ සහ වෛද්‍ය උපදෙස්

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ මගපෙන්වීම මත එම ආරක්ෂක සේනාව යටතේ ස්ථාපිත 56 වන සේනාංක භට පිරිස් විසින් ජයග්‍ර‍හණ පදනමේ සහයෝගය ද ඇතිව පසුගිය සෙනසුරාදා (09) දින වෛද්‍ය සායනයක් පවත්වන ලදි. මේ සඳහා බෝගස්වැව ප්‍රදේශයේ සිවිල් ජනතාව විශාල පිරිසක් සහභාගි විය. මෙම සායනයේ දී සිවිල් වැසියන් 2500 ක් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා එක්ව සිටියහ. මෙම වෛද්‍ය වැඩසටහනට හෘද රෝග සායනයක්, පෝෂණවේදී සායනයක්, ශල්‍ය කටයුතු පිළිබඳ සායනයක්, ප්‍ර‍ව හා නාරිවේද සායනයක්, විකලාංග චිකිත්සක සායනයක්, අක්ෂි සායනයක්, දන්ත සායනයක් සහ උගුර,කණ හා නාසය පිළිබඳ සායනයක් ඇතුලත් විය. එමෙන්ම වන්නි ආරක්ෂක සේනාවෙන් එම ප්‍රදේශයේ පවුල් වෙත වියළි ආහාර පාර්සල් ද බෙදා දෙනු ලැබීය. ජයග්‍ර‍හණය පදනමේ ප්‍ර‍ධානි වෛද්‍ය ජීවක බණ්ඩාර, නිර්වින්දක විශේෂඥ වෛද්‍ය සුසිල් රණසිංහ සහ තවත් වෛද්‍යවරු 24 දෙනෙක් සමඟින් හෙද කාර්ය මණ්ඩලයක් ද මීට එක්ව සිටියහ. 56 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් අයි.පී රණසිංහ ඇතුළු යුද හමුදා නිලධාරීන් සහ සිවිල් සම්බන්ධීකරණ නිලධාරින් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.Best Sneakers | AIR MAX PLUS