05th June 2023 19:22:32 Hours
බුත්තල, යුද්ධ හමුදා යුද විද්‍යාලයේ රාජකාරියෙහි නියුතු භටපිරිස් ප්‍රදේශයේ අනෙකුත් රාජ්‍ය ආයතන, සිවිල් සමාජය සහ ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සමඟ එක්ව පසුගිය සෙනසුරාදා (03) දින ‘පොසොන්’ පොහොය දිනය වෙනුවෙන් පොසොන් කලාපයක් සංවිධානය කරනු ලැබීය.
යුද්ධ හමුදා යුද විද්‍යාලයේ භටපිරිස් සිය සෞන්දර්යාත්මක හැකියාවන් සහ පුණ්‍යමය කටයුතු සඳහා ඇති කැමැත්ත ඉස්මතු කරමින් ‘පටාචාරා’ කථා වස්තුව නිරූපණය කරන අලංකාර පහන් කූඩුවක් නිර්මාණය කර ප්‍රදර්ශනය කරන ලද අතර, පොසොන් කලාපයට සමගාමීව ශ්‍රී රහතන්කන්ද ආරාම පරිශ්‍රයේ දී විහාරාධිපති පූජ්‍ය ඇල්පිටියේ සුමනරතන හිමියන්ගේ අනුග්‍රාහකත්වයෙන් දන්සැලක් ද සංවිධානය කරන ලදී..
බුත්තල යුද විද්‍යාලයේ සේනාවිධායක, මේජර් ජෙනරාල් වයි.ඒ.එම්.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත, භටපිරිස් විසින් නිර්මාණාත්මක සහ ආකර්ශණීය වූ පහන් කූඩු ද නිර්මාණය කර ප්‍රදර්ශණය කරන ලදී. පොසොන් කලාප සංවිධායක කමිටුවේ ආරාධනයෙන් බුත්තල ‘රහතන් කන්ද’ අසපු පරිශ්‍රයේ පහන් දල්වා ‘දන්සැල’ විවෘත කිරීමේ සමාරම්භක අවස්ථාවට බුත්තල යුද විද්‍යාලයේ සේනාවිධායකතුමන්ද එක් විය.
බුත්තල, උණවටුන ශ්‍රී සුමංගල දහම් පාසලේ සිසු සිසුවියන් විසින් පොසොන් කලාපයේ භක්ති ගීත ප්‍රසංගයක් ඉදිරිපත්කරන ලද අතර, එම උත්සව අවස්ථාවට බුත්තල යුද විද්‍යාලයේ ප්‍රධාන උපදේශකවරයා සහ කාර්යය මණ්ඩලය ද සහභාගි වූහ. පොසොන් කලාපය නැරඹිම සඳහා බුත්තල - මොණරාගල මාර්ගයේ ගමන් ගත් දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් එක්ව සිටියහ.
පොසොන් කලාපයේ වැඩකටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට විහාරවාසී මහා සංඝරත්නය, ප්‍රදේශවාසී සම්භාවනීය ආරාධිතයෝ ද එක්ව සිටියහ.