Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th December 2015 00:17:38 Hours

බුත්තල නිළධාරී ප්‍රගමන හා ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ පැවති 11 වන සම්මන්ත්‍රණයේ දී වෘත්තීය නිපුනතා සහ ස්වයං සංවර්ධනය පිළිබඳව අවධාරනය කරයි

“වෘත්තීය නිපුනතා සහ ස්වයං සංවර්ධනය” යන තේමාව යටතේ තෙදින සම්මන්ත්‍රණය යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් බුත්තල නිළධාරී ප්‍රගමන හා ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ දී අද (14) උදෑසන උත්සශ්‍රීයෙන් ආරම්භ විය. යුද හමුදාපතිතුමා ඇතුළු තවත් ආරාධිත අමුත්තන් කිහිපදෙනෙකු විසින් සම්ප්‍රදායානුකුලව පොල් තෙල් පහන දල්වා එහි සේනාවිධායක බ්‍රිගේඩියර් රැල්ෆ් නුගේරා විසින් පිළිගැනීමේ කතාව සිදු කිරීමෙන් සම්මන්ත්‍රණය ආරම්භ විය. මෙහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා ආරම්භක දේශණය පවත්වමින් අනාගතයේ දී අංග සම්පූර්ණ බව අපේක්ෂා කරන නිළධාරීන් අනාගත වගකීම් සහ අභියෝග භාරගත යුතු බවත් එම අභියෝග සියලු අංශයන් කෙරෙහි කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය දැනුම ලබා ගත යුත බවත් කාලීන ගැටළු මෙහොතක් පාසා ලෝකය පුරා පැන නගින බවද පැවසීය. දින තුනක් පුරා පැවැත්වෙන මෙම වැඩමුළුවෙහි පළමු දිනයේ දී “හමුදා දැනුම” දෙවන දිනයේ “පුද්ගලික සංවර්ධනය” තෙවන දිනයේ “අභ්‍යන්තර සහ බාහිර සබදතා පිළිබඳව” දැනුවත්වීම ආදී වශයෙන් ප්‍රධාන කොටස් තුනකට බෙදා වෙන් කර ඇත. මෙහි පලමුවන සැසිවාරය යටතේ “තොරතුරු තාක්ෂණ යුගයේ යුද සංකල්ප” යන මාතෘකාව යටතේ “තාක්ෂණයේ බලපෑම” සහ “යුද සංකල්පය නවීකරණය කිරීම” “වේගයෙන් වෙනස්වන තර්ජන අභිමුව හමුදා නායකයන් මුහුණු දෙන අභියෝග”ඒ වාගේම දෙවන අධියරේ දී මානව සම්පත් සහ නීතිමය පසුබිම යටතේ “ වෙනස්වන ආරක්ෂක තත්වයන්වලට හැඩගැසීම” සහ “ආරක්ෂක අංශ කළමණාකරණය කිරීමේ අභියෝගතා” “නීතයේ ආදිපත්‍ය” සහ “සොල්දාදුවාගේ වඟකීම; යුද සහ සෑම කාලයන්හි නිළධාරීන්ගේ වඟකීම, මධ්‍යම සහ කණිෂ්ඨ නිළධාරීන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා වාර්ෂික රහස්‍ය වාර්තාවල වෙනස්වන යුද මුහුණුවර, වත්මන් සහ අනාගත අසම්මතික යුද්ධවල වෙනස්වීම යන මාතෘකා යටතේ දෙශණ පවත්වනු ලැබීය. මෙම සැසිවාරය 3,4,5,6 සහ 7 යටතේ පැවැත්වෙන අතර එහි“ පුද්ගලික සංවර්ධනය” යන තේමාව යටතේ “රාජකාරීන් සඳහා මානුෂීය බලපෑම” “අතීතයේ බලපෑම” අණදෙන්නාගේ වඟකීම, “ඵලදායීතාවය වර්ධනය කිරීමේ ක්‍රමවේදයක් ලෙස විදෙස් පුහුණු නිළධාරීන්ගේ වෘත්තීය සංවර්ධනය” අනාගත අභියෝගතාවලට මුහුණ දීම සහ දේශීය වශයෙන් පුහුණු කිරීම“ මත් පැන් හා මත් ද්‍රව්‍යයන්හි බලපෑම” සෞඛ්‍ය හා ඇබ්බැහිවීම වැළැක්වීම සහ“ සෞඛ්‍ය සහ පෝෂණය” යටතේ අදහස් දැක්වීමට නියමිතවේ. මෙම සැසිවාරයේ තුන්වන සහ අවසන් දිනයේ දී “ ජාතික ප්‍රතිපත්තියේ ප්‍රවර්ධනය” 19 වන ව්‍යවස්ථා සංශෝදනය සහ එහි බලපෑම, විදේශ සබදතා, විදේශ ප්‍රතිපත්තියේ ප්‍රවර්ධනය සහ මානව හිමිකම් මෙන්ම ජාත්‍යන්තර සබඳතා පිළබඳව සාකච්ඡා කිරීමට නියමිතව ඇත. ලුතිතන් කර්නල් නිළයේ නිළධාරීන් 25 දෙනෙකු සහ මේජර් නිළයේ නිළධාරීන් 35 දෙනෙකු සහභාගි වන මෙම සමුළුවේ සැසිවාර 10 ක් පැවැත්වෙන අතර, සහභාගි වන නිළධාරීන් කණ්ඩායම් වශයෙන් බෙදී එක් එක් තේමා යටතේ තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මෙම සම්මන්ත්‍රනයේ දී මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක පුබුදු සුමනසේකර මහතා, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සතීස් මොහාන්දාස් මහතා, විදේශ කටයුතු අමාත්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් (නීති) සී.ඒ.එච්.එම් විජේරත්න මහතා සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය අංශයේ කථිකාචාර්ය නිර්මාලි විජේගුණවර්ධන මහත්මිය, අදහස් දැක්වීමට නියමිත අතර, මේජර් ජෙනරාල් ජනක වල්ගම, මේජර් ජෙනරාල් බී.ඒ පෙරේරා, මේජර් ජෙනරාල් ඩී.ඩී.යූ.කේ හෙට්ටිආරච්චි, බ්‍රිගේඩියර් අරුණ ජයසේකර, බ්‍රිගේඩියර් රැල්ෆ් නුගේරා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීන් රැසක් ද මෙම සමුළුවේ දී තම අදහස් දැක්වීමට නියමිතව ඇත. ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිළධාරීන්ගේ වෘත්තීය දැනුම වර්ධනය කිරීම අරමුණූ කොට ගෙන ආරම්භ වූ නිළධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ මෙම සම්මන්ත්‍රණය තුලින් මොවුන්ගේ වෘත්තීය දැනුම වර්ධනය කිරීමට බොහෝ උපකාරී වේ. මෙම වසරේ නිළධාරී ප්‍රගමන හා ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ පවත්වනු ලැබූ දෙවන සැසිවාරය මෙය වේ. . මෙවර සම්මන්ත්‍රනයේ ප්‍රධාන දේශනය සිදු කල යුද හමුදාපතිතුමා හට නිලධාරී ප්‍රගමන හා ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් රැල්ෆ් නුගේරා විසින් සමරු පලකයක් ද ප්‍රදානය කරනු ලැබීය. Best Sneakers | nike air barkley posite 76ers shoes for women Maximum Volume DJ4633-010 Release Date - SBD