Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th December 2023 22:24:42 Hours

බලඇණි ආධාරක අවි පාඨමාලා අංක - 98 සාර්ථකව අවසන්

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් පැවති බලඇණි ආධාරක අවි පාඨමාලා අංක - 98 හි සහතිකපත්‍ ප්‍රධානෝත්සවය පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 16) දින එම පාසල් පරිශ්‍රයේදී පැවැත්වීය.

මාස තුනක කාලසීමාවක් පුරාවට පැවති මෙම පාඨමාලාව සඳහා යුද්ධ, නාවික හා ගුවන් හමුදාවන්හි ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 53 දෙනෙකු සහභාගී වූහ.

පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස නාවික හමුදාවේ ප්‍රධාන සුළු නිලධාරි ජී.ආර් මධුරංග සම්මාන ලැබීය.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිළධාරී කර්නල් එස්.ජේ.එම්.එස්.එන් පෙරේරා යුඑස්පී, සහභාගී විය.