Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th September 2023 15:46:10 Hours

බලඇණි ආධාරක අවි පාඨමාලා අංක - 97 සාර්ථකව අවසන්

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පැවති බලඇණි ආධාරක අවි පාඨමාලා අංක - 97 හි සහතිකපත්‍ ප්‍රධානෝත්සවය අගෝස්තු මස 21 දින පැවැත්විණි.

මෙම සහතිකපත්‍ ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්.කේ. ලියනවඩුගේ ආර්එස්පී යූඑස්පී සහභාගී විය.

මාස තුනක කාලසීමාවක් පුරාවට පැවති මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා නාවික හා ගුවන් හමුදා සාමාජිකයන් ඇතුළු ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 52 දෙනෙකු සහභාගී වූහ.

පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය ගැමුණු හේවා බලකායේ කෝප්‍රල් ජේ.ඒ.ඩබ්ලිව්. බණ්ඩාර විසින් දිනාගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.