Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th May 2016 13:00:05 Hours

බදාදා පුහුණු දින වැඩසටහනක් මුලතිව්හි දී

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ ගේ අධීක්ෂණය යටතේ එම මූලස්ථාන ප්‍ර‍ධාන ශ්‍ර‍වණාගාරයේ දී නිලධාරීන්ගේ පුහුණු දින වැඩසටහනක් බදාදා (25) දින පැවැත්විනි. එයට එම මූලස්ථානයට අයත් සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බල සේනා සහ ඒකකවලට අයත් නිලධාරින් 40 දෙනෙක් මේ සඳහා සහභාගි වූහ. මෙම වැඩසටහනේ දී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් ලුතිතන් කර්නල් ඩී.එම්.පී.බී දිසානායක විසින් ‘කාලය කළමණාකරණය’ පිළිබඳ ද ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් කපිතාන් එස්.පී විජේසේකරආරච්චි විසින් ‘පර්යේෂණ සහ විශ්ලේෂණ ’ පිළිබඳව ද ඉදිරිපත් කිරීම් සිදු කළෝය. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන කර්නල් ප්‍ර‍ධාන මාණ්ඩලික කර්නල් එස්.කස්තුරිමුදලි මේ සඳහා සහභාගි වූවේය. jordan Sneakers | Jordan Ανδρικά • Summer SALE έως -50%