Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st July 2016 11:37:52 Hours

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙන් තවත් එක් ප්‍ර‍ජා ව්‍යාපෘතියක්

බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ යෝජනාවකට අනුව එම ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් විසින් අරණායක සහ මාවනැල්ල ප්‍රදේශයේ නාය යෑමෙන් විපතට පත් වූ පාසල් ළමුන් හට කැපිටල් සිටි රෝටරි සමාජයේ දායකත්වයෙන් පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් අඟහරුවාදා (28) දින සංවිධානය කරනු ලැබීය. මෙහිදී කැපිටල් සිටි රෝටරි සමාජය විසින් අරණායක සහ මාවනැල්ල ප්‍රදේශයේ තෝරාගත් පාසල් 54 ක ආපදා හේතුවෙන් විපතට පත් පාසල් දුවා දරුවන් 5834 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදා දෙනු ලැබීය. මෙම අවස්ථාව සඳහා 58 වන සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.සී ගුණවර්ධන, 583 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්.ඊ.එම්.ආර්.බී හත්නාගොඩ සමගින් කැපිටල් සිටි රෝටරි සමාජයේ සාමාජිකයින් රැසක් සහභාගි වූහ. එමෙන්ම මෙම වැඩසටහන යටතේ ප්‍ර‍දේශයේ පාසල් 54 ක ළමුන් සඳහා සහන සහය සහ පාසල් උපකරණ බෙදා දෙනු ලැබීය.jordan Sneakers | NIKE AIR HUARACHE