27th April 2025 17:57:41 Hours
බංගලාදේශ යුද්ධ හමුදාවේ නිලධාරින් 14 දෙනෙකු සහ සෙසු නිලයන් 27 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසකගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී 2025 අප්‍රේල් මස 25 දින 2 (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බළකායේ සහ ඓතිහාසික ගාලු කොටුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
573 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.ඩබ්ලිව්.පී.එම්.එච්.ආර් සේනාධීර RWP USP psc සහ 2 (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි විසින් නියෝජිත පිරිස උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම සංචාරය අතරතුරදී ගාලු කොටුවේ ඉතිහාසය සහ 2 (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකාය විසින් සිදුකරනු ලබන ක්‍රියාන්විත රාජකාරින් පිළිබඳව බංගලාදේශ යුද්ධ හමුදාවේ නියෝජිත පිරිස දැනුවත් කරන ලදී.