29th June 2024 10:50:42 Hours
පොසොන් පොහොය දිනට සමගාමීව අක්කරෙයිපත්තු, ශ්‍රී විජයාරාම විහාරස්ථානය විසින් 2024 ජුනි මස 22 දින මිහිඳු පෙරහැරක් සංවිධානය කරන ලද අතර, ඒ වෙනුවෙන් 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන් පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත එම බලසේනාවේ භටපිරිස් විසින් බනිස්, කෙසෙල් සහ සිසිල් බීම ලබා දීමේ දන්සැලක් එම විහාරස්ථාන පරිශ්‍රයේදී පවත්වනු ලැබීය. ඒ සඳහා අක්කරෙපත්තුව වෙළෙඳ සංගමයේ සභාපති ඒ.අබ්දුල් සලාම් මහතා අනුග්‍රාහකත්වය දැක්වීය.
තවද, එතුමන්ගේ උපදෙස් පරිදි එදින රාත්‍රීයේ 241 පාබල බලසේනා මූලස්ථානය ඉදිරිපිටදී බත් දන්සැලක් ද පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට අක්කරෙපත්තුව සහ ඒ අවට ප්‍රදේශවලින් 4500 කට අධික ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගි වූහ.
මෙම පිංකම් මාලාවට සමගාමීව 241 පාබල බලසේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ උපදෙස් මත එම ඒකකයේ භටපිරිස් විසින් ද පොසොන් පොහොය දිනට සමගාමීව 2024 ජුනි මස 21 දින කුරුක්කල්මඩම් කලේවානි පාසල් ක්‍රීඩා පිටියේදී කඩල දන්සැලක් පවත්වන ලදී.