11th June 2023 20:12:55 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 573 පාබල බලසේනාවට අයත් 9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් පොසොන් පුර පසලොස්වක පුන් පොහෝ දිනය (ජුනි මස 03) නිමිත්තෙන් මලයාලපුරම් ප්‍රදේශයේ ස්ථාපිත එම කඳවුරු පරිශ්‍රය ඉදිරිපිට බත් දන්සැලක් පැවැත්වීය.
මෙම පුණ්‍ය වැඩසටහන 9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් පී.ජී.ටී. සූරියසේන සහ 573 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.ඩබ්ලිව්.ආර්. ප්‍රසන්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම උත්සවයේ සමාරම්භක අවස්ථාවට 571 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජී.ඒ.ඩී.කේ.ජී. ගනේගොඩ ආර්එස්පී යූඑස්පී පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් එක්ව සිටියහ.