Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th June 2023 10:49:03 Hours

පොසොන් පොහොය දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේ දන්සැලක් පවත්වයි

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ධනුෂා වීරසූරිය මහත්මියගේ උපදෙස් මත එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්.පී.එස්.පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් පසුගිය සෙනසුරාදා (03) දින ‘Silver Bugles’ ආපනශාලා පරිශ්‍රයේ දී දන්සැලක් පවත්වන ලදී.

සන්ධ්‍යා කාලය වන තෙක්ම එම ‘මඤ්ඤොක්කා දන්සැල’ පවත්වනු ලැබූ අතර, ඒ සඳහා ප්‍රදේශ වාසීන් 3000 කට අධික පිරිසක් සහභාගී වූහ. දන්සැල පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිය නොමසුරු දායකත්වය ලබා දුන්හ.