Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th June 2024 08:10:20 Hours

පොසොන් පොහොය දිනට සමඟාමීව යාපනය ප්‍රදේශයේ ආගමික සංහිඳියාව වැඩිදියුණු කිරීම වෙනුවෙන් ධර්ම දේශනයක්

පොසොන් පොහොය දිනයට සමගාමීව 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මගපෙන්වීම යටතේ 2024 ජුනි මස 21 දින එම සේනාංකයේ භටපිරිස් විසින් ධර්ම දේශනා වැඩසටහනක් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය. එහිදී යාපනය ශ්‍රී නාගවිහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජදුරේ සිරිවිමල හිමි, කොන්ඩාවිල් පලනියන්ඩි හින්දු කෝවිලේ ප්‍රධාන කුරුක්කල් රවී පූජකතුමන්, යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යාත්මික මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ මැක්ඩොනල්ඩ් පියතුමන් පැමිණි සිටි පිරිස අමතමින් සංහිඳියාවේ සහ එකමුතුකමේ වටිනාකම පිළිබද අවධාරණය කළේය.

ධර්ම දේශණා මාලාව අවසානයේදී ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය විසින් ‘CIMIC’ උද්‍යාන පරිශ්‍රයේ සංවිධානය කරන ලද ‘බත් දන්සල’ විවෘත කරන ලදී.