Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th March 2020 16:48:15 Hours

පොලිස් විශේෂ කාර්ය බළකායේ නව සේනාවිධායක සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර සුහද හමුවක්

පොලිස් විශේෂ කාර්ය බළකායේ නව සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක අද (11) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවි සුහද සාකච්ඡාවක් පැවැත්වීය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පොලිස් විශේෂ කාර්ය බළකායේ නව සේනාවිධායකතුමන්ගේ පත්වීමට සිය සුබ පැතුම් එක්කරමින් වර්ෂ 2009 මැයි මාසයට ප්‍රථම පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයේ උච්චතම අවස්ථාවේදී එතුමන් දැක්වූ කැපවීම පිළිබඳව මතකයන් සිහිපත් කරවමින් අදහස් හුවමාරු කරගනු ලැබීය.

තවද, හිටපු නියෝජ්‍ය පොලිස්පති ගුණතිලක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දියත් කළ මෙහෙයුමේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රමුඛ කාර්යභාරය මනාව ඉටු කළ බව මෙන්ම අනාගතයේදී ත්‍රිවිධ හමුදාවන් විසින් සිදුකරනු ලබන වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් වෙනුවෙන් සිය සහය නොපමාව ලබාදෙන බවද නව නියෝජ්‍ය පොලිස්පති මෙහිදී ප්‍රකාශ කරනු ලැබීය.

මෙම සුහද හමුව අවසානයේ දී ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවූහ.

වර්ෂ 1986 දී උප පොලිස් පරීක්‍ෂකවරයෙකු ලෙස පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත බැඳුණු නියෝජ්‍ය පොලිස්පති ගුණතිලක වසර 25 කට වැඩි කාලයක් පුරා සාඩම්බර නොකැළැල් සේවා කාලයක් සම්පූර්ණ කර මීට දින කිහිපයකට ප්‍රථම මෙම නව තනතුරේ රාජකාරි භාරගත්තේය. Sportswear Design | Nike